ජූරි අතහැරි කිරුළ  අයර්ලන්තයට ජූරිගෙන් අවසන් ඉල්ලීමක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ලෝක විවාහක රූ රැජිණ කිරුළ කැරොලයින් ජූරි විසින් යළි භාර දීම නිසා එම තරගයේ දෙවැනියා වූ අයර්ලන්ත කාන්තාවක වන Kate Schinder වෙත පිරිනැමූ බව එම සංවිධානය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ සිදුවූ මතභේදාත්මක සිද්ධිය අධිකරණය දක්වා ගිය අතර මතු වූ තත්වය හේතුවෙන්‌ කැරලයින් ජූරි තමා විසින්ම ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි භාරදීමට කටයුතු කළාය .
නිවේදනය දැක්වෙන්නේ එම ඉල්ලා අස්වීම හේතුවෙන් එම කිරුළ තරඟයේ දෙවැනියාට ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
රෝසි සේනානායක මහත්මිය විසින් මුල්ම ලෝක විවාහක රූ රැජින ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ කිරුළ වසර තිස් පහකට පසුව ගෙන එන ලද්දේ කැරලයින් ජූරි විසිනි.
සිය කිරුළ අතහරිමින් කැරලයින් ජූරි පවසන ලද්දේ ‘ලෝකයක් එරෙහි වෙද්දී පවා  නිවැරදි වටිනාකම් වෙනුවෙන් තමන් තනිව හෝ නැගී සිටින’ බවයි.
මේ අතර ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි බාරදුන් කැරොලයින් ජූරි ඒ පිළිබඳ Mrs world Inc වෙත දැන්වීමේදී අවසාන වශයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ 2019 වසරේ දී අමෙරිකාවේ ලාස්වේගාස් හිදී ඇය ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගත් විගසම කරන ලද පළමු ඉල්ලීමයි.
එනම් මීළඟ ලෝක විවාහක රූ රැජිණ තරගය ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසයි.
එදින කළ ඉල්ලීම අවසාන වශයෙන් ද ඉල්ලා සිටිමින් ඇය කියා ඇත්තේ සැලසුම් කළ පරිදිම එය මෙරටදී පවත්වන ලෙසත් කොවිඩ් වසංගතයෙන් ඇදවැටුණු සුන්දර ශ්‍රී ලංකාවට එය මහඟු පිටුවහලක් වනු ඇති බවත් ය.