ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හය දෙනෙකුට මාරුවීම්

Picture of අසංක

අසංක

පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 6 වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව අපරාධ, ළමා හා කාන්තා කාර්යාංශය, මැතිවරණ අංශය භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සබරගමු පළාතටත් එහි පළාත් භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා නැගෙනහිර පළාතට සහ ඌව පළාතේ වැඩ බැලීමට පත්කර තිබේ.

මධ්‍යම පළාත් භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස් පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ අපරාධ, ළමා හා කාන්තා කාර්‍යංශය සහ මැතිවරණ අංශය භාරවත් උතුරු මැද පළාත් භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා මධ්‍යම පළාත් භාරවත් නැඟෙනහිර පළාත් භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා උතුරු මැද පළාත් භාරවත් මාරු කර ඇත.

පොලිසියේ ප්‍රසම්පාදන අංශය භාරව සිටි ජගත් අබේසිරිගුණවර්ධන මහතා පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙසත් ඌව පළාත් භාරව සිටි ෆ්‍රෑන්ක්ලි ප්‍රනාන්දු මහතා පොලිස් කොවිඩ් අංශයටත් ඒ අනුව මාරු කර තිබේ.