ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමින් ජෝ බයිඩන් අමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ජයග්‍රහණය කර තිබේ.
බයිඩන් ප්‍රධාන සටන් බිම වූ පෙන්සිල්වේනියානු ඡන්ද ප්‍රතිඵලයෙන් ජයගෙන ඇති අතර ධවල මන්දිරය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන මැතිවරණ ඡන්ද කොට්ඨාස 270 ට වඩා ඔහු ජයගෙන ඇත.
ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පෙන්වා දී ඇත්තේ ඔවුන්ගේ අපේක්ෂකයා එය පිළිනොගන්නා බවයි.
කෙසේවෙතත් ට්‍රම්ප් 1990 දශකයෙන් පසු පළමු ධුර කාලය පමණක් ගෙවූ ජනාධිපතිවරයා බවට පත්ව්වවනු ඇත.
දැනටමත් ඡන්ද ගණන් කිරීම අවසන් කර ඇති ප්‍රාන්තවල නිල නොවන ප්‍රතිඑල සහ විස්කොන්සින් වැනි ප්‍රාන්තවලින් අපේක්ෂිත ප්‍රතිඑලය මත මෙම ජය එරට මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.
මෙම මැතිවරණය 1900 න් පසු එරට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර ඇත.
බයිඩන් මේ වන විට ඡන්ද මිලියන 73 කට වඩා ලබාගෙන ඇත.
ට්‍රම්ප් මිලියන 70 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ඇති අතර එය ඉතිහාසයේ දෙවන ඉහළම අගයයි.