ජෝ සමඟ විවාදයෙන් ට්‍රම්ප් පරදී

Picture of අසංක

අසංක

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් අතර පැවති රූපවාහිනී විවාදයෙන් ජෝ බයිඩන් කැපී පෙනෙන ලෙස ජය ගත් බව එරට ජනමාධ්‍ය බහුතරයකම අදහස වී ඇත.

විනාඩි 90 ක් (පැය එකහමාරක්) පුරා පැවති මෙම විවාදයේදී බයිඩන් තැන්පත් ලෙස පහර දුන් අතර, අපහාසයන්ට නොසැළී මුහුණ දුන්නා පමණක් නොව, අනාගත ජනාධිපතිවරයා වීමේ විභවය ද ප්‍රදර්ශනය කළ බව දේශපාලන විශ්ලේෂකයෝ රැසක්ම එරට ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ට්‍රම්ප්ගේ අසාර්ථකභාවයන් විවාදයේ මුල පටන්ම දැකගත හැකි වූ අතර මෙම විවාදයේදී අන් කවරදාටත් වඩා ට්‍රම්ප් ව කවටයෙකු මෙන් දිස් වූ බව විදෙස් විශේලේෂකයන්ගේ මතය වී ඇත.