ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට එරට සිවිල් සංවිධාන එකමුතුවක් පියවර ගෙන ඇත .
ඇමෙරිකාවේ පොලිස් නිලධාරීන්ගේ ප්රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වුණු විරෝධතා පාලනය කිරීමේදී ට්රම්ප් , සිවිල් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කල බවට චෝදනා කරමින් මෙම නඩු ගොනු කර ඇති බවද වාර්තාවේ .
ඇමෙරිකාවේ ෆෙඩරල් අධිකරණයක මෙම නඩුව පවරා තිබෙන අතර එහි මූලිකත්වය ගෙන ඇත්තේ ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ‘ද ඇමෙරිකන් සිවිල් ලිබර්ටීස් සංවිධානය’යි.