කොවිඩ් -19 ආසාදනය වීමෙන් දින හතරක හදිසි ප්‍රතිකාර්වලින් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා රෝහලෙන් නිදහස් කිරීම නිසා පිටව ගොස් තිබේ.
ඔහු ධවල මන්දිරයට පැමිණි මොහොතේම වෙස්මුහුණ ගලවා මැතිවරණ ප්‍රචාරක මාවතට ආපසු යාමට පොරොන්දු වූ එරට වාර්තා පවසයි.
ට්‍රම්ප් සිය නිල සමාජ ජාලය ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ වෛරසයෙන් 210,000 කට ආසන්න පිරිසක් අහිමි වී ඇති නමුත් ඇමරිකානුවන්ට බිය වීමට කිසිවක් නොමැති බවයි.
රූපවාහිනි දර්ශන, පුවත් සඳහා සකස් කරන ලද අවස්ථා මාලාවක් ට්‍රම්ප්ට ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර ගන්නා කාලයේද ඉඩ ලබාදුන් බව පෙනී යයි.
ඒ වොෂිංටනයට පිටතින් පිහිටි වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ විශාල රන් පැහැති ඉදිරිපස දොරවල්වලින් තනිවම පිටවීමෙනි. හෙලිකොප්ටරයෙන් ධවල මන්දිරයට පැමිණීමට බැසගත් ට්‍රම්ප් මුලින්ම කළේ මුඛ ආවරණය ඉවත් කොට ආචාර කිරීමයි.
නොවැම්බර් 3 වන දින පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ඇත්තේ මාසයකට අඩු කාලයකි.
පූර්ව ඡන්ද විමසීම් වාර්තාවලින් පෙනීයන්නේ ට්‍රම්ප් ඩිමොක්‍රටික් ජෝ බිඩෙන් පසුපසින් සිටින බවයි.
ධවල මන්දිරයට නැවත පැමිණී ඔහු ශාරීරිකව යෝග්‍ය බව පෙන්වීමටත් වේදිකාවට ගොඩවීමටත් සමත් විය.
ඔහුගේ කැපී පෙනෙන ට්වීට් මාලාවක් මගින් ට්‍රම්ප්ගේ දේශපාලන ප්‍රහාරයේ කෝණය පෙන්නුම් කළේය.
ඔහු පුද්ගලිකව ද කෝවිඩ්ට පහර දුන් අයෙකි.
“ඉක්මනින් නැවත දේශපාලන ප්‍රචාරක මාවතට පිවිසෙනු ඇත!!!” ඔහු එක් ට්වීට් එකකින් පැවසීය.
“කෝවිඩ්ට බිය වෙන්න එපා” මේ තවත් ට්‍රම්ප්ගේ ට්විටර් සටහනකි.
ධවල මන්දිරය තුළ පාලනය කළ නොහැකි කොරෝනා ව්‍යාප්තියෙහි ප්‍රථිඵලයක් ලෙස ධවල මන්දිර ප්‍රකාශකයාට ද කොවිඩ්-19 වැළඳී තිබීම එහි නවතම පුවතයි.