ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත . දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් අදාළ සංගණනය සිදු කෙරෙනු ඇති බව අධිකාරිය සඳහන් කර සිටී .
අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබාගැනීම මෙම සංගණනයේ අරමුණවී ඇත. ඊට අමතරව ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචියට ද මේ යටතේ අවස්ථාව හිමිවනු ඇත.
අප්‍රේල් 21 ප්‍රහාරයත් සමග ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම තාවකාලිකව තහනම් කෙරුණි.