ඩෙංගු හිස ඔසවයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු රෝග මර්ධන ඒකකය සඳහන් කර සිටී .

2019 වසරේ ගෙවී ගිය මාස නවය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් දිවයිනේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 72ක් වන බවද එම ඒකකය සඳහන් කර සිටී

පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝග ව්‍යාප්තියේ වර්ධනයක් ඇති වීමේ අවදානමක් ඇති බව ජාතික ඩෙංගු රෝග මර්ධන ඒකකයේ සඳහන් කළේ ය.

දිවයිනේ වැඩිම ඩෙංගු රෝග ව්‍යාප්තියක් වාර්තා වන්නේ, බස්නාහිර පළාත තුළ ය.

ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ මරණ දෙකක් අදත් මහනුවර සහ මඩකලපුව ප්‍රදේශවලින් වාර්තා විය.