ඩෙන්මාර්කයේ විශාලතම ඉඩම් හිමියාගේ දරුවන් අවසන් ගමනේ (PHOTO)

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ මලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ඩෙන්මාර්කයේ ඇන්ඩර්ස් පොව්ල්සන් මහතාගේ දරුවන් තිදෙනාගේ අවමගුල් උත්සවය ඊයේ ඩෙන්මාර්කයේ Aarhus පළාතේදී පැවැත් විණ.

ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ සිද්දියෙන් මිය ගිය ඩෙන්මාර්කයේ ඇන්ඩර්ස් පොව්ල්සන් මහතාගේ දරුවන් තිදෙනාගේ අවමගුල් උත්සවය ඊයේ ඩෙන්මාර්කයේ Aarhus පළාතේදී පැවැත්වුණා.

එම සිදුවීමෙන් මියගොස් තිබුනේ ඔහුගේ දියණියන් තිදෙනා ගෙන් වැඩිමහල් දියණියන් දෙදෙනා සහ බාලම පුතණුවන්ය. පොව්ල්සන් මහතා බිරිඳ හා තෙවැනි දියණිය එම ප්‍රහාරයෙන් බේරි තිබුණා.

මියගිය තිදෙනාගෙන් දියණියන් දෙදෙනාගේ සිරුරු හඳුනාගත හැකි මට්ටමේ තිබුණත් පුතුගේ සිරුර හඳුනාගත නොහැකි තරම් විනාශ වී තිබු අතර එය හඳුනාගනු ලැබුයේ ඩෙන්මාර්කයෙන් ගෙන්වා ගන්නා ලද ඔහුගේ ඩී එන් ඒ වාර්තා මළ සිරුරු හා සැසඳීමෙනි.

බ්‍රිතාන්‍යයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකෙන ඩෙන්මාර්කයේ වංශාධිපතියෙකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් ඔහුගේ බිරිඳ සහ දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටිය දී මෙම දරු තිදෙනා මෙම අනතුරට ගොදුරු වුණා.

තංගල්ලේ සිට පැමිණ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගෙන සිටි ඔවුන් එදින පිටවී යාමට සියලු කටයුතු සුදානම් කර තිබුණත් පොව්ල්සන් මහත්මිය සහ එක් දියණියක් නාන තටාකයේ සිට ඇත. අනෙක් දියණියන් දෙදෙනා සහ පුතු සමඟ පොව්ල්සන් මහතා හෝටලය තුළට ගොස් සිටිය දී එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් එයින් සිදුවී නැත.

සිද්ධියෙන් පසු ඔවුන් විදුලි සෝපානය වෙත ගියත් එය එම අවස්ථාව වන විට අක්‍රියව පැවැති හෙයින් ආපසු හැරි ඇතත් ඔවුන් එහි නවතා පොව්ල්සන් මහතා බිරිඳ හා අනෙක් දරුවා සෙවීමට ගොස් තිබේ. මේ අතර දෙවැනි බෝම්බය පුපුරා යාමෙන් එම දරුවන් තිදෙනා අනතුරට පත්ව ඇතැයි හෝටල් ආරංචි මාර්ග සඳහන් කළා. එය බටහිර මාධ්‍යය වාර්තා කර තිබුණේ මේ ආකාරයෙන්.