ඩොලරය ඉහළට – රුපියල පහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේදී රුපියල් 204.89 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත

එය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වෙයි.

මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල අද දිනයේ දී රුපියල් 198.90 ක් ලෙස වාර්තා වී ඇත.

මීට පෙර 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 204.62 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

ඩොලරයේ විකුණුම් මිල මෙලෙස අද දින විචලනය වූයේ 2021 ජූනි 23 දිනෙන් පසුව වීමද  විශේෂත්වයකි. ඒදින සිට ඊයේ දින දක්වා රු. 202.89 ක ස්ථාවර අගයක ඩොලරයේ විකුණුම් මිල පැවතුණි.