ඩොලරය 340යි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුල පවතින අර්බුදකාරී වටපිටාව හමුවේ ඩොලරයේ අගය අද රුපියල් 340 සීමාවට පැමිණියේය .. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවිවල සටහන් කර තිබින .

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව අද ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණේ රුපියල් 329යි ශත 99 ක් ලෙසයි.

මේ අතර රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇගලුම් කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල වීමේ අවධානමක් මතුව ඇති බවයි නෙත් නිවුස් අද උදෑසන 06යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණය කලේ.

ඇගලුම් කර්මාන්තයේ නිරත වන්නන් පැවසුවේ රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවතින ආකල්පයද සිය කර්මාන්තයට සෘජුව බලපාන බවයි. මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණ හොත් ශ්‍රී ලංකාවට ලැබෙන ඇගලුම් ඇණවුම් ඉන්දියාවට සහ බංග්ලාදේශයට යාමේ අවධානමක් පවතින බවයි ප්‍රකාශ කෙරුණේ.