ඩොලර් අර්බුදයට තවමත් විසඳුම් නැහැ – බැසිල් රාජපක්‍ෂ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අයවැය මඟින් නව බදු පැනවුවද අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීමට එය හේතුවක් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි  ඒ, අයවැයෙන් පසු මුදල් අමාත්‍යවරයා අද පෙරවරුවේ සහභාගී වූ පළමු මාධ්‍ය හමුවේදීයි.

වසර 03 ක් යන තුරු බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොකිරීමට තීරණය කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරින

රට මුහුණ පා ඇති ඩොලර් ප්‍රශ්නයට මෙවර අයවැයෙන් විසදුම් ලබාදෙන්නේ කෙසේදැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් මෙහිදී විමසීමක් කළා.

එහිදී ඔහු අවධාරණය කලේ ඉදිරි වසරක කාලය තුළ ද ඩොලර් ප්‍රශ්ණය තවදුරටත් පවතිනු ඇතැයි විශ්වාස කරන බවයි.
ප්‍රශ්ණයට විසදුම් ලෙස විවිධ පියවර ගත්ත ද මෙතෙක් සාර්ථක විසදුමක් ලැබී නොමැති බැවින් ඉදිරියේදී තවත් ණය නොගෙන ආර්ථිකය පවත්වාගෙන යාම ප්‍රධාන සැලසුමක්වී ඇති බව මුදල් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය

ගතවූ මාස 04 ක කාලයේදී විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් රටට ලැබෙන මුදල ක්‍රමයෙන් අඩුවී ඇතැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී පැවසීය