ඩොලර් බිලියන 4ක් හොයාගත්තේ නැත්නම් රට ඉවරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය මෙරටට ලැබෙන තෙක් රට ඉදිරියට ගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි .. ඔහු කියා සිටියේ මෙම මුදල සොයා ගැනීම සඳහා මේවනවිට ද දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් ද ඉදිරියේදී ආධාර හිමිවනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරිණ .

මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා අතරතුර අමෙරිකාවේ වොෂිංටන් නුවර සිට විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.