තමාගෙ රුව සහිත සියලු පෝස්ටර් ඉවත්කරන්නැයි ජනපති නියෝගයක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

රාජ්‍ය ආයතනවලත් මහා මාර්ගවලත් තමාගේ රුව ඇතුලත්ව ප්‍රදර්ශනය කරන සියළුම කටවුට්, බැනර් සහ පෝස්ටර් ඉවත් කරන ලෙස ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට අද නියෝගකර තිබේ.

ඒ අනුව පොලීසිය අද සහවල් සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත්ව ප්‍රදර්ශනයේ ඇති කටවුට් සහ බැනර් ගලවා ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භකරන ලදි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවීමත් සමග රට පුරාම රාජ්‍ය ආයතන ඉදිරිපිටත් මහා මාර්ගවලත් ඔහුගේ පාක්ෂිකයින් සුබ පතමින් බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමට පියවර ගත්තේය. පොලීසියේ මැදිහත් වීමෙන් ගැලවෙන්නේ එම බැනර් සහ කටවුට්ය.