තමිල්නාඩුවේ ඉන්න ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ සූදානමක්

Picture of අසංක

අසංක

තමිල්නාඩුවේ සරණාගතයින් ලෙස සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයින් යලි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය එක්ව විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහනේ මූලික අදියර සඳහා රුපියල් මිලියන 6.5 ක මූල්‍යාධාර ලබාදීමටද ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධාය එකඟතාවය පළකර ඇත.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ප්‍රධානී සරත් ඩෑෂ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා අතර පවතී සාකච්ජාවකදී මෙම එකඟතාවය ඇතිකරගෙන ඇත.

ශ්‍රී ලංකික සරණාගතයින් මෙරටට ගෙන්වාගැනීම , අනපේක්ෂිත හේතූන් මත ප්‍රමාද වී ඇති බව මෙහිදී ආණ්ඩුකාරවරයා පෙන්වාදී ඇත.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟද සාකච්ඡා කර මෙම සරණාගතයින් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ඒකාබද්ධ වැඩසටහනක් දියත් කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇත.

සරණාගතයින් ශ්‍රී ලංකාවට පැමිනි පසුවද ඔවුන්ට අවශ්‍ය නිසි පහසුකම් ලබාදීමටද පියවර ගන්න බව ආණ්ඩුකාරවරයා මෙහිදී සඳහන් කර ඇත.