කොවැක්ස් පහසුකම් යටතේ ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා 380,000 ක් අනිද්දාට පෙර දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී .
මීට අමතරව මැයි මාසයට පෙර කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ 14 ක් දිවයිනට ලැබීමට නියමිත බවද වාර්තාවේ .
කෙසේ වෙතත් එන්නත් ලබා ගත්තද තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැනවූ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත .
මේ අතර සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට තීරණය කර තිබේ.
මේ යටතේ සංචාරක ක්ෂේත්‍රයේ දෙලක්ෂ 50000 කට එන්නත් ලබා දීමට තීරණය කර ඇති බව වාර්තාවේ .
ලබන සතියේ සිට එම පිරිසට එන්නත්කරණය සිදු කිරිමට නියමිතය