තවත් එන්නත් ලක්ෂ 56ක් – එන්නත්කරණ වේගය අතින් ලංකාව ඉදිරියටම

Picture of අසංක

අසංක

ඉදිරි සති 2-3 තුළ සයිනෝෆාම් එන්නත් මිලියන 5.6ක් මෙරටට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල නිවේදනය කරයි.

එම එන්නත් ප්‍රමාණය තොග 3කින් මෙරටට ලැබෙනු ඇති බව එම කාර්යාලය කියා සිටී.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණයෙන් ලොව වේගවත්ම රට බවට පත්වී ඇතැයි චීන තානාපති කාර්යාලය පහත ප්‍රස්තාරයක් මගින් පෙන්වා දී තිබේ.

එංගලන්තයේ සහ වේල්සයේ ලියාපදිංචි ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක Our World in Data දත්ත ඇසුරින් මෙම දත්ත උපුටාගෙන ඇත.

 

මෙරට කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් පහත ප්‍රස්තාර ද Our World in Data ඇසුරින් උපුටාගන්නා ලදී.