තවත් ගැබිණි කාන්තාවක් කොවිඩ් නිසා මියයයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ගැබිනි කාන්තාවක් මියගොස් ඇත . කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය‍ගොස් ඇති බව වාර්තා වේ.

මෙම කාන්තාව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය තත්වයෙන් පසුවූ බැවින් කරාපිටිය රෝහල වෙත මාරු කර යවා ඇත ..

මීට පෙරද කොවිඩ් ආසාදිත ගැබිනි කාන්තාවක් මියගිය අතර මෙම මරණයද සමගින් ගැබිනි මව්වරුන්ගේ මරණ දෙක දක්වා ඉහළ ගොස් තිබෙ.

කොවිඩ් එන්නත්කරණයේදී ගැබිනි කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසට සෞඛ්‍ය බළධාරීන්ගෙන් ඉල්ලා ඇතත් ඒ සඳහා තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැත. ඒ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද  දිනයේදී පැවැත්වෙන බවරාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.ය .