ත්‍රිපෝෂ ගැන ගර්භනී මවුන්ට දැනුම් දීමක්

Picture of අසංක

අසංක

ගර්භණී මව්වරුන්ට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මගින් ලබාදී ඇති ත්‍රිපෝෂ පිළිබඳ කිසිදු අනියත බියක් ඇතිකර නොගත යුතු බව එහි සභාපති දීප්ති කුලරත්න පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ නිසි ප්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන සිදුකරන බවයි.

මාස දෙකකට පමණ පෙර තම සමාගමේ නිෂ්පාදිත ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් සංඝටකය වැඩි ප්‍රතිශතයක් පැවති බවත් ඒවා මව්වරුන්ට ලබා නොදුන් බවත් ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා අද සඳහන් කළේය.

කුඩා දරුවන්ට මෙන්ම ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රීපෝෂවල පිලිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගු බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පසුගියදා පවසා තිබූ අතර, කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කේ.ඒ.පී.බොරලැස්ස කියා සිටියේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංගමය තවදුරටත් පෙනී සිටින බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ත්‍රී පෝෂ පිළිබද ප්‍රශ්නයක් ඇති බව තමන්ද පිළිගන්නා බවයි.