පැතුම් වික්‍රමරත්න
ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් පුළුල් කර ශක්තිමත් කිරීමට දෙරටෙහි බලධාරීන් එකඟතාවය පළකර ඇත.
ඇමෙරිකාවේ වොෂින්ටනයේදී පැවති ඇමෙරිකා – ශ්‍රී ලංකා සහයෝගිතා කතිකාවේදී මෙම එකඟතාවයට දෙරටෙහි බලධාරීන් පැමිණ ඇති තානාපති වාර්තා සඳහන් කර සිටී.
ත්‍රස්තවාදය වැලැක්වී ක්‍රියාවලියේදීද ශ්‍රී ලංකාව සමග වඩාත් සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට ඇමෙරිකාව මෙහිදී කැමැත්ත හා එකඟතාව පළකර ඇත.
දෙරට අතර ඒකාබද්ධ හමුදා ක්‍රියාකාරකම් , සාම සාධක මෙහෙයුම් හා මානව හිමිකම් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලි තවදුරටත් පුළුල් කර ඉදිරියට ගෙන යාමට පියවර ගන්න බවද මෙම කතිකාව අවසානයේ නිකුත් කල ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම කතිකාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු පිරිසක් එක්වූහ