තාජුඩීන්, ලසන්ත ඝාතන ඇතුළු නඩු 5කට අදාළව වෙනම ලිපිගොනු සකසා කඩිනමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.
නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව එම විමර්ශනවලට අදාළව කරුණු 11ක් යටතේ වෙන වෙනම ලිපිගොනු සැකසීමට කටයුතු කෙරෙනු ඇත.
මේ පිළිබඳ පොලිස් මූලස්ථානය කළ දැනුම්දීම පහත දැක්වේ.

