තාජුඩීන්, ලසන්ත, සහන සේවකයන් 17ක් ඝාතන කීත් නොයාර්, තරුණයන් 11ක් පැහැරගෙනයාම ඇතුළු නඩු 5කට අදාළ ලිපිගොනු වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ භාරදී තිබේ.
නීතිපතිවරයා පසුගියදා පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීමකට අනුව මෙම ලිපි ගොනු සැකසිණි.
ඒ අනුව එම විමර්ශනවලට අදාළව කරුණු 11ක් යටතේ වෙන වෙනම ලිපිගොනු සැකසීමට කටයුතු කර ඇත.