පැතුම් වික්‍රමරත්න
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (31) සාර්ථකව සහ සාමකාමීව සිදුවන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී.
මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 659,514කි.
පෙරවරු 8.30 ට ආරම්භ වූ ඡන්ද විමසීම, පස්වරු 4.15 ට පමණ අවසන් වීමට නියමිතව ඇත.
පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් හැර, අනෙක් සියලු රාජ්‍ය සේවකයින්ට අද සහ හෙට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතී.
පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට ,ලබන මස 4 සහ 5 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන්නේ
එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වැනිදා සිය රැකියා ස්ථානය අදාළ වන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි වේ.