තැපැල් ඡන්දය ෆොටෝ ගත් සෙබළකු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණයට අදාළව පසුගියදා පැවැති තැපැල් ඡන්දයේදී තම ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගත් යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදියර කිහිපයක් ලෙස පැවැත්වූ තැපැල් ඡන්දය භාවිත කිරීම ඊයේ දින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමෙන් අවසන් විය.

මෙම හමුදා සෙබළා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඡන්දය භාවිත කළ අයෙකි.

එම හමුදා සෙබළා ඡන්දය සලකුණු කර එය ඡායාරූප ගත කර ඇත.

එය නිරීක්ෂණය වූ එම මධ්‍යස්ථානයේ සිටි මැතිවරණ නිලධාරීන් විසින් ඔහු මොණරාගල පොලිස් ස්ථානයට භාරදී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕමල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු වරුණගම යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන යුද හමුදා සෙබළෙකි.

ඔහු අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි