තියෙන පක්ෂවලින් බාගයක් මහ ඡන්දෙට ආවත් කොමිසම අමාරුවේ – තවත් 150කුත් ඉල්ලලා

Picture of අසංක

අසංක

ඉදිරි මහමැතිවරණයට පක්ෂ 30ක් තරග කළහොත් මූල්‍යමය අතින් මෙන්ම ක්‍රියාවලිය අතින් ද ඉතා සංකීර්ණ වනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ දැනට ලියාපදිංචි පක්ෂ 70න් එලෙස පක්ෂ 30ක් තරග කිරීම වුවද කොමිසම අපහසුතාවට පත් කරන්නක් බවත් එහෙත් එය සිදුකළ යුතු බවත් ය.

ස්වාධීන කණ්ඩායම් වැඩි වශයෙන් ඉදිරිපත් වුවහොත් එවිට ද මෙම අර්බුදය හටගන්නා බව ඔහු කියාසිටියි.

පසුගිය ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන් වැඩිවීම නිසා වියදම දෙගුණ තෙගුණ වූ බව ද හෙතෙම පෙන්වාදුන්නේ ය.

අලුතින් ලියාපදිංචි වීම සඳහා අයදුම් කර ඇති ඉල්ලීම් සංඛ්‍යාව 156කි.