තීව්‍ර සමාජ අර්බුද සහිත වකවානුවක සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍රයන්හි කාර්ය භාරය විමසා බැලෙන කොළඹ කතිකාව ජූනි 10 වැනිදා (හෙට) උදෑසන 10.00 සිට ,කොළඹ විශ්ව විද්‍යාලීය ශාස්ත්‍ර පීඨයේ 128 ශාලාවේ දී පැවැත්වේ .
මෙම කතිකාව සංවිධානය කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වන අතර . මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය සුභාංගි හේරත්, මහාචාර්ය පණ්ඩුක කරුණානායක, මහාචාර්ය සිරි හෙට්ටිගේ යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් දැක්වීමට නියමිතය
. වර්තමාන සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය ද විමසා බැලෙන මෙම කතිකාව මෙහෙය වන්නේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ය.
මේ සඳහා zoom තාක්‍ෂණය ඔස්සේද එක්විය හැකි අතර ඊට අදාළ තොරතුරු පහත දැක්වේ .
Meeting ID: 637 2409 1044
Passcode: arts@CMB2
වැඩි විස්තර සඳහා 0715696747 දුරකථන අංකයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ කථිකාචාර්ය ෆාතිමා ශානාස් මහත්මිය විමසිය හැකි ය.