තුන්වැදෑරුම් අයුරින් ලංකාව ශක්තිමත් කරන බවට ට්‍රම්ප් සහතික ‌‌‌වෙයි

Picture of අසංක

අසංක

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය මෙරට තුල වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකාවේ පූර්ණ සහය ලැබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කර සිටීග

.සිවිල් යුධ ගැටුම්වලින් පසු සාමය , සංහිඳියාව, වගවීම සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම අගය කරන බවද ට්‍රම්ප් මහතා සඳහන් කර ඇත.

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවේ තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී සිය අක්ත්‍රපත්‍ර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා වෙත පිළිගැන්වූ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සමග පවතින වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමටද ඇමෙරිකාව අවධානය යොමුකරන බව ට්‍රම්ප් මහතා මෙහිදී සඳහන් කර ඇත.

, දෙරටෙහි ජනතාව අතර සබඳතා පුළුල් කිරීම සහ ජාත්‍යන්තර හා කලාපීය සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම ඇමෙරිකාවේ වගකීමක් වන බවද ඔහු පවසා ඇත.