තුන්වැනි කොරෝනා මරණය මරදානෙන් හමුවු රන්කරු – අටළුගමටත් සබදකම් තිබිලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකාවේ නව කොරෝනා (Covid-19) වෛරසය ආසාධිතවීමෙන් මරුමට පත්වු තෙවැන්නා වාර්තා වී තිබේ.

අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රි 11.30ට මෙසේ මියගොස් ඇත්තේ කොළඹ මරදාන ප්‍රදේශයෙන් ඊයේ (01) දිනයේ හමුවු 72 හැවරිදි පුද්ගලයා බව මේ වනවිට නිල නොවන මට්ටමෙන් ප්‍රකාශයට පත්වී ඇත.

අද දිනයේ හමුවුණු වෛරසය ආසාධනය වූ තෙවැන්නා වු ඔහු , රන් නිෂ්පාදයට සම්බන්ධ ව්‍යාපාරයන්ට සම්බන්ධ අයෙකි.

මොහුට මේ වන විට මුද්‍රාතබා ඇති අටළුගමට සම්බන්ධකම් ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
ඔහුද රෝගය වැලදී තිබියදී මරාදාන සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකම සැරිසරා ඇතැයි අනාවරණය වී ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ බුද්ධි අංශ එක්ව මෙම පුද්ගලයා ආගිය තැන් මෙන්ම ඇසුරු කළ පුද්ගලයින්ව හදුනා ගනිමින් සිටිති.