තුර්කියේ නම වෙනස් වෙයි

Picture of අසංක

අසංක

තුර්කි රාජ්‍යය සිය නාමය ‘තුර්කියේ’ ලෙස හඳුන්වන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් ලිපියක් යවා තිබේ.

ඊට හේතුවී ඇත්තේ තුර්කිය ඉංග්‍රීසි භාෂාවෙන් නම් කරන විට එහි අර්ථය කළුකුමා වීම ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්‍තෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් බදාදා මෙම ලිපිය ලැබුණු බව තහවුරු කර ඇත.

ලිපිය ලැබුණු මොහොතේ සිට නම වෙනස් කිරීම බලපැවැත්වෙන බව හෙතෙම පවසා ඇත.

ජාත්‍යන්තරව පිළිගත් තුර්කි නාමය තුර්කි භාෂාවෙන් උච්චාරණය කරන පරිදි ‘Turkiye’ එනම් tur-key-YAY ලෙස උච්චාරණය වන පරිදි ‍වෙනස් කරන ලෙස ජනාධිපතිවරයා නිවේදනය කර ඇත.