හෙට සිය පැයක සහ අනිද්දා පැය 02 කට ආසන්න කාලයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන විදුලි ඉංජිනේරු සංගමය පවසයි .
ඒ පිළිබඳ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට හෙට දිනයේ ලබාදෙන බව එම සංගමය අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළහ .
එම සංගමයේ සම ලේකම් ධම්මික විමලරත්න එහිදී සඳහන් කළේ ලැබී ඇති තොරතුරු අනුව දැවිතෙල් රැගත් කිසිඳු නෞකාවක් මෙම කාලසීමාවේදී දිවයිනට ලගා නොවනු ඇති බවයි.
වර්ෂාව නොමැතිවීමෙන් ජල විදුලිබලාගාරවල විදුලි උත්පාදනයට ද ඉදිරියේදී බාධා එල්ල විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එසේ වුවහොත් මාර්තු මාසය අගවනවිට මෙරට විදුලි අර්බුදය තවත් තීව්ර වනු ඇති බවද විදුලි ඉංජිනේරු සංගමයේ සම ලේකම් ධම්මික විමලරත්න වැඩිදුරටත් පැවසුවේය .
කෙසේවෙතත් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට උත්සහ දරන බවයි.