පැතුම් වික්‍රමරත්න
දකුණු අප්‍රිකාව, Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා ඇති බව වාර්තාවේ .
එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .
ඒ අනුව විශේෂඥ කමිටු උපදෙස් ලැබෙන තෙක් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත .
එරට විශ්විවිද්‍යාලයක් විසින් පුද්ගලයන් 2,000 ක් පමණ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකින් පසු සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව ඇස්ට්‍රා සෙනෙකා -ඔක්ස්ෆර්ඩ් එන්නත වෙනුවට , Johnson & Johnson සහ Pfizer සමාගම් නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නත් සිය සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බව දකුණු අප්‍රිකාව ප්‍රකාශ කර ඇත
කෙසේ වෙතත් AstraZeneca එන්නත එක්සත් රාජධානියෙන් හමුවූ නව එන්නත් ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත අතර Pfizer-BioNTech එන්නත ද නව වෛරස් ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්වන බවට ද හෙළි වී තිබේ.