දම්පත් රණසිංහ
දකුණු ආසියාවේ මෙතෙක් එක් වරකදී අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත්පෙති තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබේ.
මත්පෙති 18,000කින් යුතු මෙම තොගය බෙල්ජියමේ සිට මෙරටට ගෙනවිත් ඇත.
කිලෝ 09ක බරකින් යුක්ත මෙම මත්පෙති තොගයේ මිල රුපියල් කෝටි 13.5ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මධ්‍යම තැපැල් හුවමාරුව ට ලැබී තිබූ පාර්සල් කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් කරතිබූ විමර්ශනයක දී, මෙම මත්පෙති තොගය හමුවී ඇත.
මේ සමගම නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව හරහා හුවමාරු කිරීමට තැත් කළ මත් කොළ තොගයක් ද රේගුව විසින් සොයාගෙන තිබේ.