දඩයමේ ගිය පොලිස් නිලධාරියාට වෙච්ච දේ..

Picture of අසංක

අසංක

ටී56 අවියක් රැගෙන මිතුරන් දෙදෙනෙකු සමඟ දඩයමේ ගිය පොලිස් සැරයන්වරයෙකුව වාහල්කඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

“රොටවැව“ පොලිස් මුරපොලේ සේවයේ නිරතව සිටින සැරයන්වරයෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සිය රාජකාරි ගිනි අවිය සොරාගෙන මෙසේ ඔහු දඩයමේ ගොස් ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

වාහල්කඩ යාන් ඔය ජලාශය පිහිටි වනාන්තර ප්‍රදේශයට ඇතුළු වී සතුන් දඩයම් කිරීමට මාන බලමින් සිටියදී සැරයන්වරයා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියෙන් සොරාගෙන ආ ටී 56 අවිය තිබී ඇත්තේ මිතුරාගේ අතේ බව පොලීසිය කියයි.

පොලිස් නිලධාරියා හොරොව්පොතානේ පදිංචිකරුවෙකි. සෙසු දෙදෙනා කහටගස්දිගිලිය හා වාහල්කඩ පදිංචිකරුවන්ය.

මෙම සැකකරුවන් තිදෙනා ගිනි අවියද සමඟ කැබතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කිරීකරනු ලැබීය. එහිදී ඔවුන් තිදෙනා ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.