දඩ මුදල් ඉහළට

Picture of අසංක

අසංක

ඇප පනතේ සඳහන් දඩ මුදල් වැඩිකිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඇප පනතේ සඳහන් දඩ මුදල් වැඩි කිරීමට නීති කෙටුම්පත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරියගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඇතැම් පනත්වල සහ ආඥා පනත්වල ඇති විධිවිධාන උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පනවන දඩ මුදල් නීති කඩකිරීම් වැලැක්වීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් මෙම පියවර ගෙන ඇත.

මෙම තත්ත්වය අධ්‍යයන කිරීමට කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටු නිර්දේශය පරිදි දඩ මුදල් වැඩිකිරීමට පියවර ගෙන තිබේ.