දරුවන් නොමඟ යන ෆ්‍රී ෆයර් ගේම් රැල්ලක්

Picture of අසංක

අසංක

ඔන්ලයින් අධ්‍යාපනය අතරවාරයේ මුදල් ඔට්ටු අල්ලමින් එකිනෙකා මරා ගැනීමේ පරිගණක ක්‍රීඩාවලට රටේ ඇතැම් දරුවන් ඇබ්බැහි වී ඇතැයි The Colombo Express වෙත අනාවරණය වී තිබේ.

තොරතුරු තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන් කිහිප දෙනෙක් The Colombo Express වෙත තොරතුරු ඉදිරිපත් කරමින් මෙම ව්‍යවසනයෙන් දරුවන් ගලවා ගැනීමට දෙමාපියන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත්විය යුතු යැයි පෙන්වා දුන්හ.

ගරීනා ෆ්‍රී ෆයර් ගේම් වලට ඇබ්බැහි වූ ඇතැම් ළමයි දැනට දෙමාපියන්ගේ මුදල් සොරකම් කරමින් කණ්ඩායම් වශයෙන් රාත්‍රි කාලයේ අන්තර්ජාලය ඔස්සේ එකිනෙකා අතර සටන් කිරීමේ පරිගණක ක්‍රීඩාවල යෙදෙන බවට තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුවරු සඳහන් කරති.

ජංගම දුරකථනයට රී ලෝඩ් ඉල්ලමින් මේ සඳහා මුදල් ලබා ගන්නා දරුවෝ අධ්‍යන කටයුතුවලට කිසිදු අදාළත්වයක් නොමැති මෙම පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවී සිටිති. එසේම කණ්ඩායම් වශයෙන් තරගාවලි සංවිධානය කරමින් ඒ සඳහා විශාල මුදල් ඔට්ටු අල්ලමින් සිටිති.

ගාල්ල ප්‍රදේශයේ තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීමේ නිරත එක් ගුරුවරයකු සඳහන් කළේ රුපියල් 11,000ක මුදලක් පසුගිය මාසයේ දී මෙම පරිගණක ක්‍රීඩාවට වැය කළ දරුවකු තමන්ට හමුවූ බවයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ වගකිව යුතු බලධාරින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන තුරු The Colombo Express අවදියෙන් පසුවයි.