දළදා මාළිගාවට ගිනිපෙට්ටි ගෙන යාම තහනම්

Picture of අසංක

අසංක

මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගිනිපෙට්ටි, ලයිටර් සහ ගිනි ඇවිලෙන වෙනත් ද්‍රව්‍ය රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

දළදා මාළිගාවේ ප්‍රධාන ගොඩනැගිල්ල දැවයෙන් තනා ඇති අතර එහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

පහන් සහ හඳුන්කූරු දැල්වීම සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රධාන ගොඩනැගිල්ලෙන් වෙන්ව ඒ සඳහා සපයා තිබෙන බවත් මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා සහය ලබාදෙන ලෙසත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සියළුම සැදැහැවතුන්ගේ ඉල්ලා සිටියි.