දළදා මාළිගාවේ  ඓතිහාසික දිය අගල ගිලා බසී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී දළඳා මාලිගාවේ ඓතිහාසික දියඅගල පිහිටා ඇති විෂ්ණු දේවාලය ඉදිරිපිට විශාල ප්‍රදේශයක් ගිලා බැස තිබේ.
මහනුවර ප්‍රදේශයට පෙරේදා  (06) රාත්‍රී කාලයේ ඇතිවූ අධික වර්ෂාවත් සමග එහි කෙටි තාප්පය දෙදරා ගොස් මෙම ගිලා බැසීම සහ පස්කඳු කඩා වැටීම සිදුව ඇත.
මේ පිළිබඳ බලධාරින් විසින් තොරතුරු රැස්කර අවශ්‍ය ස්ථායිකරණය කඩිනම් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
වැව රවුම මාර්ගයේ දැවැන්ත ගස් පවා වර්ෂාවත් සමග ඉදිරී වැටී තිබූණි.
 මහනුවර ප්‍රදේශ රැසක නිවාස වෙත පස්කඳු කඩාවැටීම් සිදුවී තිබේ.