දැඩි ආරක්ෂාව පිට උතුරට ගිය චීන තානාපති ඩ්‍රෝන් යවා බැලුවෙ මොනවද?

Picture of Roshan

Roshan

දම්පත් රණසිංහ

ශ්‍රී ලංකා යුද හමුදාවේ දැඩි ආරක්ෂාවක් සහිතව මෙරට චීන තානාපති කුයි ශෙන්හොං මහතා උතුරේ දින තුනක සංචාරයක් ඊයේ (15) ආරම්භ කර තිබේ.

වව්නියාවේ සිට ඇරඹුණු සංචාරය පේදුරුතුඩුවේ බොහෝ වේලාවක් ඊයේ දින ගත කළ චීන තානාපතිවරයා යාපනය පුස්තකාලයද නිරීක්ෂණය කළේය.

අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාරවරයා මුණ ගැසුණි.

ඊයේ රාත්‍රියේ ඒ මහතා යාපනයේ ගතකරන අතර අද(16) දිනයේ යාපනය අර්ධද්වීපයේ බොහෝ ස්ථානවල සංචාරයේ නිරත වීමට නියමිතය. තානාපතිවරයා වෙනුවෙන් ආණ්ඩුකාරවරයා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද ඊයේ සංවිධානයකර තිබේ.

පේදුරුතුඩුවේ ඔහු ගතකළ කාලය තුළ ඩ්‍රෝන කැමරාවක් උඩු ගුවනේ සැරිසරා ඇත.

අතුරු පළාතේ සංවර්ධන කටයුතු හා වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් වේ.