ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 10 අතරට පිවිසීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට හැකි වී තිබෙනවා.
නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 39ක්ද දෙවන ඉනිමේදී ලකුණු 122ක්ද රැස් කරමින් තරඟයේ වීරයා සම්මානය ඔහු විසින් හිමි කර ගත්තා.
එහිදී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන් ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 08 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකි වූ අතර මෙම තරඟාවලිය ආරම්භ වීමට පෙර අයි.සී.සී ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 12 වන ස්ථානයේ පසු වුණා