බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 15 දින සිට නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් මහතා සඳහන් කර සිටී .
ඒ අනුව බස්නාහිර පාසල් 492 න් පාසල් 412 ක් පෙබරවාරි 15 වැනිදා නැවත ආරම්භ කරන බවත් ඉතිරි පාසල් 80, මාර්තු 15 වැනිදා නව පාසල් වාරයත් සමඟ ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අද මාධ්‍ය වෙත පැවසීය .
බස්නාහිර පළාතේ ඇති පාසල් 412 ක් මෙලෙසෙ විවෘත කිරිමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙන්ම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවත් අවසර ලබාදී ඇති බවද ඒ මහතා පැවසීය