එන්.කේ.චන්ද්‍රපි‍්‍රය
ශී‍්‍ර ලංකාවට අවේණික තවත් දිවාසැරි හූනන් විශේෂ තුනක් හදුනා ගැනීමට උරග හා උභයජීවී විශේෂඥ සමීර සුරංජන් කරුණාරත්න සමත් වී තිබේ.
වසර කිහිපයක් පුරා සිදුකළ තවත් පර්යේෂණයක වාර්තාව නොබෝදා ඉදිරිපත් කරමින් සමීර සුරංජන් පෙන්වා දුන්නේ මෙම විශේෂ තුන වඳවී යාමේ උග‍්‍ර අවදානමක් පවතින බවයි. එමෙන්ම නව විශේෂ ති‍්‍රත්වය හෙක්ටයාර 10 ත් 1000 ත් අතර ප‍්‍රමාණයකට සීමා වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
මෙම හූනන් තිදෙනා නාමකරණයකටද ලක්කර තිබේ. එක් හූනෙකු නම්කර ඇත්තේ කොටගමගේ ලෙසයි. පරිසර සංරක්‍ෂණ කි‍්‍රයාවලියට මෙන්ම දහස් ගණනක් සිදු සිසුවියන්ගේ නුවණ පෑදීමට දායක වූ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් කොටගම මහතාට ගෞරව පුද කිරීම වෙනුවෙන් එක් හූනෙකු කොටගමගේ ලෙස නම් කර තිබේ.
අනෙක් හූනන් දෙදෙනා කව්මිනිඒ හා දිසානායකේ ලෙස විද්‍යාත්මකව නාමරකරණය කර තිබේ. මේ පිළිබඳ කළ විමසීමකදී සමීර සුරංජන් කරුණාරත්න කියා සිටියේ තම මෑණියන්ට හා පියාණන්ට ගරු කිරීමක් ලෙස ඔවුන්ගේ නම්වලින් මෙම සතුන් දෙදෙනා නාමකරණය කළ බවයි. එම නම් මේ වන විට විද්‍යාත්මක නාමයන් ලෙස ලෝකය භාවිතාවට එක්ව තිබේ.
මෙම සොයා ගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උරග හා උභයජීවී විශේෂඥ සමීර සුරංජන් කරුණාරත්න මෙසේ ද පැවැසීය.
පර්යේෂකයින් වශයෙන් අපට විවිධ සතුන් සොයා ගන්න පුළුවන්. ඒත් මෙම සතුන් සංරක්‍ෂණය කරන්න අපට බෑ. ඒ වගකීම වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය යන ආයතන විසින් බාර ගත යුතුයි.
කොහොම වුණත් මේ සතුන් මිහි මතින් තුරන් වීම ජෛව විවිධත්වයට අහිතකර බලපෑමක්. එමෙන්ම මෙම සතුන් ගෘහාශි‍්‍රතව වෙසෙන සතුන් නෙවෙයි. මේ හූනු විශේෂ ජීවත් වන්නේ වන වගා හා ගල් පර්වත ආශි‍්‍රතවයි. මේ වන විට ගල් පර්වත හා තුරු වියන් මිනිස් කි‍්‍රයාකාරකම් හමුවේ සීග‍්‍රයෙන් ක්ෂ්‍ය වෙමින් පැවැතීම තුළ මේ හූනන් කොපමණ කලක් මිහිපිට ජීවත් වේද යන්න කියන්න අමාරුයි.
ඒ වගේම මේ පර්යේෂණය සිදු කිරීම සඳහා දෙස් විදෙස් ආචාර්යවරුන් පිරිසක් ඇතුළුව දායකත්ව ලබාදුන් 16 දෙනෙකුට මං ස්තූතිය පුදකරනවා.
මීට ඉහතදී ද හූනන් විශේෂ 06 ක් සොයා ගැනීමට සමීර සුරංජන් ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් සමත් වී තිබිණ. එම හූනන් විශේෂ ජාතික විරවරයන්ගේ නම්වලින් නාමකරණය කිරීම සමාජය තුළ උණුසුම් කථිකාවක් නිර්මාණය කිරීමට හේතු විය.
2019 වසරේදී පමණක් දිවාසැරි හූනන් විශේෂ 13 ක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට පර්යේෂකයින් සමත් වී තිබේ. මේ සමගම ලංකාවේ දිවාසැරි හූනන් විශේෂ සංක්‍යාව 36 ක් දක්වා ඉහල යන අතර ඔවුන් සියල්ලම අප රටට පමණක් ආවේණික හූනන් විශේෂ වීමද වැදගත් කාරණයකි.