ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දිවිනැගුම නඩුවෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ(30) නියෝග කර තිබේ.
ඒ 2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එල්ල වූ චෝදනාවලට ය.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
මෙලෙස නිදොස් කොට නිදහස් කෙරුණේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අයයි.