උමංග බණ්ඩාර
දිවි පරදුවට තබා මව්බිම ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගන්නවා – ජනපති මැයි දින සැමරුමේ දී අවධාරණය කරයි. අප්‍රේල් 21 වනදා ඛේදවාචකය හමුවේ සියලු ලක්වැසි ජන හදවත් තුළ ඇති වූ වේදනාව ත්‍රස්තවාදය විනාශ කිරීමේ ශක්තිය බවට පත්කරගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.
වැඩක් කෙරෙන බවට පෙනෙන්න නැතැයි වැනි ප්‍රකාශ සිදුකරමින් එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීම නොව සිදුවිය යුත්තේ ජාතියක් ලෙස එදින සියලුදෙනා මුහුණදුන් ඛේදවාචකයේ අනුවේදනීය මතක සටහන් සමඟ ත්‍රස්තවාදය විනාශ කර රටේ සාමය ස්ථාපිත කිරීමට අධිෂ්ඨානයෙන්, ආත්ම ශක්තියෙන් සහ සාමුහිකව සියලුදෙනා එකම කොඩියක් යටතේ අත්වැල් බැඳගැනීම බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම් උත්සවය අමතමිනි.