දිස්ත්‍රික් 5කට නායයාමේ අවදානමක්

Picture of අසංක

අසංක

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අවදානම් පිළිබඳ අනතුරු අඟවා තිබේ.

ඒ අනුව මහනුවර (උඩුනුවර) , කෑගල්ල(රඹුක්කන, කෑගල්ල, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල) , කුරුණෑගල (මල්ලවපිටිය), නුවරඑළිය (අඹගමුව), රත්නපුර (කුරුවිට සහ කලවාන) යන ප්‍රදේශවලට මෙලෙස අනතුරු අඟවා ඇත.