* අදත් මුහුදු යන්න එපා
* අයෙක් අතුරුදන් – 6ක් තුවාල
* 45000ක් පීඩාවට
* නිවාස 2000කට හානි
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
බුරෙවි සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ තද වැසි හා සුළං තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 12 ක ජනතාව 44868 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එක් අයෙකු අතුරුදහන් වූ අතර 6 දෙනෙකු තුවාල ලබා තිබේ.
පවුල් 10336ක් අවතැන් වී තිබේ.
ඔවුන් තාවකාලික කඳවුරු 76ක රඳවා ඇත.
නිවාස 50 ක් සම්පූර්ණයෙන් හානි වී නිවාස 2148ක් අර්ධ හානි වී තිබේ.
මේ අතර ‘බුරවි’ සුළි කුණාටුව ඊයේ (3) පස්වරුව වනවිට දිවයිනෙන් ඉවතට ගමන්කළ අතර එය තවදුරටත් ඉවතට ඇදෙමින් පැවතීම නිසා සුළිකුණාටුවේ බලපෑම ගොඩබිම ප්‍රදේශ සඳහා අඩුවනු ඇතැයි බලාපොරොත්තුවේ.
කෙසේවෙතත් අද (4) දිනයේත් මුහුදේ තත්ත්වය අයහපත් බැවින් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.