බස්නාහිර පළාත, යාපනය, පුත්තලම, කළුතර දිස්ත්‍රික්වලට හැර සෙසු දිස්ත්‍රික් 19ට ඇඳිරිනීතිය හෙට (01) උදෑසන 6ට ලිහිල් කොට යළි පස්වරු 2 පැනවේ.
අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්ය්යන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පුර්ණයෙන් තහනම් කළ බව රජය නිවේදනය කරයි.
කළුතර අටළුගම හා මහනුවර අකුරණ මුළුමනින්ම හුදෙකලා ගම්මාන බවට නම් කර ඇති බැවින් කිසිවකුට ඉන් පිටවීමට හෝ ඇතුළුවීම සපුරා තහනම් වේ.