පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික් 4කට නායයාමේ, ගල් පෙරලීමේ හා පස්කඳු කඩාවැටීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසයි.
රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය එම දිස්ත්‍රික්ක වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කලවාන, රත්නපුර ප්‍රදේශවලට වැඩි අවදානමක් පවතී.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, දෙහිඕවිට ප්‍රදේශ ද කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, නුවරඑළිය අඹගමුව ප්‍රදේශ වැඩි අවදානමකට ලක්ව තිබේ.
ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන් බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පුද්ගලයින් 88 දෙනෙකු ද නිවාසවලින් ඉවත් කර තිබේ.