දිළිඳු රටවලට කොරෝනා එන්නත් බෙදා හැරීමට, ඩොලර් බිලියන 7ක අරමුදලක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන එන්නත ලොව පුරා බෙදා හැරීමට ඒකරාශී වන බවට G7 සමුළුවට අයත්   රටවල්වල  නායකයින් ප්‍රතිඥා දී ඇත.
G7 සමුළුවේ ප්‍රධාන සැසිය අවසානයේ ඒකාබද්ධ නිවේනයක් නිකුත් කරමින් ලෝක බලවතුන් ප්‍රකාශ කළේ, ඩොලර් බිලියන 7.5 ක අරමුදලක් ඒ වෙනුවෙන් පිහිටුවන බවය.

අඩු ආදායම්ලාභී රටවලට සාධාරණ අයුරින් කොරෝනා එන්නත් බෙදා හැරීම, ධනවත් රටවලට පැවරී ඇති ප්‍රධාන වගකීමක් බව ද G7 නායකයින් පෙන්වා දෙයි ..

අදාළ අරමුදල සඳහා ඩොලර් බිලියන 4 ක ආධාරයක් ලබා දීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පොරොන්දු විය.

ඉන්, ඩොලර් බිලියන 2 ක් මෙම වසරේදී පරිත්‍යාග කෙරෙන අතර ඉතිරි මුදල ඉදිරි වසර දෙක තුළ ලබා දීමට නියමිතය.

ජර්මනිය ඒ සඳහා වෙන් කරන මුදල ඩොලර් බිලියන 1.2 කි.

සියලු ලෝකවාසීන්ට එන්නත ලබා දෙනතුරු වසංගතය අවසන් නොවන බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් අවධාරණය කළේ ය.

ඉදිරි මාසවල ලොව පුරා අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා අවම වශයෙන් එන්නත් මාත්‍රා බිලියන 1.3 ක් ලබාදීම කොවැක්ස් යෝජනා ක්‍රමයේ අරමුණයි.