වරාය සංවර්ධනයට පෞද්ගලික අංශය සහභාගී කර ගැනීම වගේම රාජ්‍ය අංශය ද වරාය තුළ ශක්තිමත් කළ යුතුයි.ඒ සඳහා වරාය සේවකයන්ගේ අතිරේක දීමනා නතර කර හෝ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් කඩිනම් කළ යුතු බව වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනවාරි 02 වැනිදා වරාය සේවක හමුවකදීය.
කොළඹ වරාය පරිශ්‍රයේ ඇති බොහෝ ඉඩම් වරාය අධිකාරියෙන් පිටත රාජ්‍ය හා පෞද්ගලික අංශ භුක්ති විඳින බවත්,ඒවායේ නිසි ආදායමක් නොලැබෙන නිසා ඒ පිළිබඳ කඩිනම් විගණනයක් කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
මහර ඇති වරාය ඉඩමේ වරාය ගම්මානයක් ඇතිකර සියල කර සියලු පහසුකම් ලබාදී වරාය සේවකයන් එම ගම්මානයට පදිංචියට යවා දැනට කොළඹ වරාය ඉඩම්වල ඉදිකර ඇති සේවක නිවාස ඉවත් කර එම ඉඩම් ද ඵලදායි කටයුතුවලට යොදාගත යුතු බව අමාත්‍යරයා මේ දී යෝජනා කළේය.