නවතම පුවත්

දුටු තැන දන්වන්න – මොහු පැනගිය කොරෝනා රෝගියෙක්

අසංක

අසංක

 

මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් ඇති බැවින් ඡායාරූපයේ සිටින එම රෝගියා දුදුටුවොත් වහාම දන්වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඔහු ඇවිදින විට කොර ගසන තැනැත්තෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් IDH රෝහල්ගත කෙරිණ.

එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

 

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙක් වෙතොත් 119 කෙටි දුරකථන අංකයට හෝ 071 – 8 591 017, 071- 8 592 290, 071 – 8 591 864 යන දුරකථන අංකවලට තොරතුරු ලබා දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එම සැකකරුගේ ඡායාරූපය පහතින් දැක්වෙයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!